Tuesday, October 7, 2014

The Garden Of Words (2013) |මේ ප්‍රථම වසන්තයයි

    

 The Garden Of Words (2013) |මේ ප්‍රථම වසන්තයයි




ප්‍රේමයට වයස බලපානවාද? මම අද මුලින්ම මෙහෙම අහන්න හිතුවෙ මම අද අරන් ආව ජපන් සලරුවෙන් කියවෙන්නේ, අවුරුදු 15ක පිරිමි ළමයෙකු සහ අවුරුදු 27ක තරුණියක් අතර ඇති වන ප්‍රේමයක් ගැන නිසයි. ඇත්තටම මේ ජපන් සලරුව, මිනිත්තු 46ක් පුරාවටම ඔබව අමුතුම ලෝකෙකට රැගෙන යනවාට කිසිම සැකයක් නැහැ. මම මෙතෙක් නැරඹු, චිත්‍රපටි අතරින්, ඉතාමත්ම විශිෂ්ට ගණයේ සහ ඉතාමත්ම ප්‍රේමාන්විත චිත්‍රපටියක් ලෙස මෙය හැඳින්විය හැකියි.
මෙහි IMDB අගය දිහා බැලුවම උනත්, ඔයලට මේ චිත්‍රපටියේ විශිෂ්ට බව තේරුම් ගන්න පුළුවන්.
අපේ සමාජයේ සම්මතයන්ට අනුව මෙවැනි ප්‍රේමයක් අසම්මත වුවත්, ඔබ බලන්න මේ ප්‍රේමය කෙතරම් සුන්දරද කියා.මම මේ ප්‍රේමයේ සුන්දර බව විදහා පෑමට ඔබට මෙහි එන එක් කොටසක් උපුටා දක්වන්නම්.

රාත්‍රියේදී, මා නින්දට යෑමට පෙරත්...
උදෑසනදී, මා අවදි වූ විගසමත්...
 මා වර්ෂාව ප්‍රාර්ථනා කරනා බව මට වැටහුණි.
හිරු එලිය සහිත දිනයන්හිදී,
මා අඳුරේ ලාමකව සිටින්නාක් මෙන් දැනේ......
එවිට මා සිත අසහනයෙන් පෙළෙයි.
ඇය සිටින්නේ මාගේ ලෝකයෙන් බොහෝ ඈත් වූ
කාර්යබහුල වැඩිහිටියන්ගේ ලෝකයේය..........
මා හට, ඇගෙන් පිළිබිඹු වන්නේ මේ ලොව ඇති
ගුප්ත බව මිස අන් කිසිවක් නොවේ..........
අවංක ලෙස, මා හට කරුණු දෙකක් විශ්වාසයෙන්
පැවසිය හැක:
එක: අවුරුදු පහළොවක් වන මා, ඈ හට නිකන්ම කුඩා ළමයෙක් පමණෙකි.
දෙක: මා පෙළන මේ හැඟීමෙන් ඈත් වීමට ඇති එකම දේ සපත්තු
නිර්මාණයට යොමු වීමයි.

අපි දැන් මේ චිත්‍රපටියේ කථාව දෙසට මදක් හැරෙමු. උසස් පාසලක සිසුවෙකු වන, 15 හැවිරිදි අකිසුකී අවුරුදු 27ක තරුණියක් වන යුකිනෝ සමඟ පෙමින් බැඳෙන්නේ අහම්බෙන් සිදු වූ සිදුවීමක් නිසයි. මේ ප්‍රේමයට වර්ෂාව සමඟ ඇති සම්බන්ධය කුමක්ද, මේ ප්‍රේමයට ඇතිවන බාධක මොනවාද, මේ ප්‍රේමයට අවසනදී සිදු වන්නේ කුමක්ද කියා මේ චිත්‍රපටිය නරඹලාම දැනගන්න කියලා මම ආරාධනා කරනවා. සමාජ සම්මතයන්ට පිටු පා යන, මේ සුන්දර ප්‍රේම කථාව හද සසල කරවන සුළු අවසානයකින් යුතු බව සහ ඉතාමත්ම අලංකාර දර්ශන වලින් යුක්ත බව නම් කිව යුතුමයි. ඒකාකාරී බවින් මිදුණු, සුන්දර පෙම් කථාවක මිහිර විඳ ගැනීමට ඔබට ආරාධනා කරමින්, මම ඔබෙන් සමුගන්නම්. අමතක නොකර comment එකකුත් දාලා යන්න. මේ චිත්‍රපටිය නරඹලා ඉවර වෙලාම comment එකක් දාන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඔබට ජය.

WATCH TRAILER

චිත්‍රපටිය සහ සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න.

No comments:

Post a Comment