Thursday, November 6, 2014

A Long Way Down (2014) | දිගු කතාවක් කෙටි කිරීමට ඔබට අයිතියක් නොමැත……

A Long Way Down (2014) | දිගු කතාවක් කෙටි කිරීමට ඔබට අයිතියක් නොමැත……


එක්තරා පුද්ගලයෙක් පාලමකින් පහළට පැන සියදිවි නසා ගන්න සිතුවාලු. ඔහු පාලමෙන් පහළට පැන්නාලු. ඔහු පාලම උඩ සිට ගඟට වැටෙන තත්පර කිහිපය තුළ ඔහුට සිතුණාලු, මට මගේ ජිවිතේ වෙනස් කරන්න බැරි එකම දේ, මම මේ දැන් පාලමෙන් පහළට පැන්න එක විතරයි කියලා. ඔහුට තව හිතෙන්න ඇති, මම මේ ගත්ත තීරණේ වැරදියි. මට මෙහෙම මැරෙන්නේ නැතුව, වැරදි හදාගෙන ජිවත් වෙන්න තිබුණා නේද කියලා……

…ඒත් එතකොට ඔහු පමා වැඩියි” මම අද අරන් ආව චිත්‍රපටියේ කොටසක් උපුටා දැක්වුවේ, සියදිවි නසා ගැනීම කිසිඳු ප්‍රශ්නයකට විසඳුමක් නොවන බව දැක්වීමටයි. අපිට මේ ලැබී ඇති සුන්දර ජීවිතය, විනාශ කර නොගත යුතු බැව් කියවෙන චිත්‍රපටියක් තමා මම අද අරගෙන ආවේ.


මේ චිත්‍රපටියේ කතාව දෙසට මඳක් අවධානය යොමු කළොත්, මෙහි කතාව ගෙතී ඇත්තේ සියදිවි නසා ගැනීමට උත්සහා කරන සිවු දෙනෙකුගේ, අපුරු හමුවීමක් පිළිබඳවයි. ප්‍රථමයෙන්ම චිත්‍රපටියේ ප්‍රධාන චරිත හතර වන මාර්ටින්, මෞරීන්, ජේජේ සහ ජෙස් එකිනෙකාව හමුවන්නේ උස කුළුණක් උඩදීයි. හමුවූ පසුවයි ඔවුන් දැන ගන්නේ, ඔවුන් සිවු දෙනාම මෙතනට පැමිණ ඇත්තේ, කුලුණෙන් පහළට පැන සියදිවි නසා ගැනීමට බව. කෙසේ වුවත් එක්තරා ගිවිසුමක් උඩ, ඔවුන් සියදිවි නසා ගැනීම, සති හයකට කල් දමා ගන්නවා. ඉන් පසු ඔවුන්ගේ ජිවිත ගෙවී යන්නේ කෙලෙසද යන්න වටා තමා මේ චිත්‍රපටියේ කතාව ගෙතී ඇත්තේ.


තව දෙයක් කියන්න ඕන. මෙය නාට්‍යමය (Drama) අකාරයේ චිත්‍රපටියක්. එබැවින්, අපේ සමහර යාළුවො බලාපොරොත්තු වෙන විදියේ කුතුහලය, සටන් නම් මේ චිත්‍රපටියේ දක්නට ලැබෙන්නේ නැහැ. නමුත්, ජීවිතයට යමක් ගන්න පුළුවන් චිත්‍රපටියක්. ඒක නිසා කැමති යාළුවො විතරක් මේ චිත්‍රපටිය අරගෙන බලන්න කියලා අරාධනා කරන ගමන් මම සමු ගන්නම්. ඔබට ජය.

No comments:

Post a Comment