Wednesday, November 19, 2008

මා කැමතිම ගීත හත.

ඔබට සිත ආදරේ කරයි.............















හදවතේ ඇතිවන, එනමුදු හඬගා කිව නොහැකි නිකැළැල් ආදරයක් මනාවට ගෙනහැර දක්වන, ප්‍රේමය යනු කොතරම් සිතට කාවැදෙන හැඟීමක්දයි මනාවට පසක් කොට දෙන, සියලු නිකැළැල් ප්‍රේමවන්තයින්ගේ සිතැඟි මනාවට විග්‍රහ කරනා අපූර්ව ගීතයක් ලෙස මෙම ගීතය දැක්විය හැකියි........




ඔබට සිත ආදරේ කරයි.............

දෙතොල ගොළු වී සිටියි............

නැගුන සෙනෙහේ කියනු බැරි වී................

මගේ සිත වේදනා විඳියි.............


ලවන් හසකැන් නුවන් කැල්මන්..............

හොඳින් හඳුනන්නෙ ආදරේ...........

නුවන් දැහැනින් බැඳෙන්නට පින් නොමැතිදෝ මා කෙරේ .............

මගේ විජිතේ සිනා නොමැතේ...............

විඩාපත් වේද ජිවිතේ.....................

ඔබේ ඇසුරේ ඔබේ සෙවනේ.................

නවාතැන් වේද මා වෙතේ...................


ඔබට සිත ආදරේ කරයි.............

දෙතොල ගොළු වී සිටියි............

නැගුන සෙනෙහේ කියනු බැරි වී................

මගේ සිත වේදනා විඳියි.............


ඔබේ පෙම්ලොල් හදේ නොකැළැල්

ලැඟුම් සොයමින් නුවන් අයා............

යොවුන් බිඟුදැල් හෙලූ හසරැල්...........

මසිත සුසුමන් දවා ගියා..............

මගේ විජිතේ සිනා නොමැතේ...............

විඩාපත් වේද ජිවිතේ.....................

ඔබේ ඇසුරේ ඔබේ සෙවනේ.................

නවාතැන් වේද මා වෙතේ...................


ඔබට සිත ආදරේ කරයි.............

දෙතොල ගොළු වී සිටියි............

නැගුන සෙනෙහේ කියනු බැරි වී................

මගේ සිත වේදනා විඳියි.............


ගායනය දයාරත්න පෙරේරා මහතා විසිනි.

No comments:

Post a Comment