Sunday, December 7, 2014

ලස්සන HTML වැඩ කෑල්ලක් ඉගෙන ගනිමුද?




මම HTML වැඩ කෑලි වලින් මුලින්ම කියල දෙන්න යන්නේ කොහොමද ඔයාලගේ බ්ලොග් එකට ලස්සන, දුවන වගන්තියක් දා ගන්නේ කියල. බලන්න මගේ බ්ලොග් එකෙත් උඩින්ම තියෙන්නේ. HTML  වැඩ කෑල්ලක් වුනත් මේක හරිම ලේසියි. ඔයාලට කරන්න තියෙන්නේ මම පහත කියල තියෙන විදියට වැඩේ කරගෙන යන්න විතරයි.


වැඩේ කරාට පස්සේ පේන්නේ මෙන්න මෙහෙමයි.


ඔයා කැමති දෙයක් මෙතන ටයිප් කරන්න


1. මුලින්ම ඔයාලගේ blogger dash board එක ඕපන් කර ගන්න.

2. ඊට පස්සේ ඒකෙ තියෙන (වම් අත පැත්තේ) "LAYOUT " වලට යන්න.


3. ඊට පස්සේ තමන්ට දුවන අකුරු පේලිය පේන්න ඕන තැන "Add a Gadget" ක්ලික් කරන්න.


4. ඊට පස්සේ එන මෙනුවෙන් "HTML/ Java Script" තෝරන්න.


5. ඊට පස්සේ එන වින්ඩෝ එකේ "content" එකේ පහත තියෙන කෝඩ් එක ටයිප් කරන්න.


<br />

<h3>
<marquee behavior="scroll" direction="left">ඔයා කැමති දෙයක් මෙතන ටයිප් කරන්න</marquee></h3>

6. ඊට පස්සේ ඒකෙ උඩින් තියෙන "rich text" කියන තැන ක්ලික් කරාම ඔයාලට ඔයාල "ඔයා කැමති දෙයක් මෙතන ටයිප් කරන්න" කියන එක වෙනුවට ටයිප් කරපු වගන්තිය වම් පැත්තට දුවනවා පෙනේවි. ඊට පස්සේ ඒක හයිලයිට් කරලා, උඩ (T අකුර උඩ ක්ලික් කරලා) තමන්ට ඕන පාටක් වගන්තියට දෙන්න.


7. දැන් ඉතින් "save" කරලා වැඩේ ලස්සනද බලන්න.


එහෙනම් තවත් HTML වැඩ කෑල්ලකින් හම්බවෙනකන් ඔබට ජය..................


No comments:

Post a Comment