Monday, January 5, 2015

MOURNING GRAVE (2014) බිහිසුණු හැකියාව……...

MOURNING GRAVE (2014) බිහිසුණු හැකියාව……...


ප්‍රථමයෙන්ම සියලු දෙනාටම සුභ නව වසරක් ප්‍රාර්ථනා කරනවා. මම අද අරං ආවේ සම්මානනීය දකුණු කොරියානු හොල්මන් චිත්‍රපටියක්. මෙම චිත්‍රපටිය Comedy, Horror, Romance යටතේ වර්ග කොට තිබෙනවා. එමෙන්ම බොහොමයක් අසාර්ථක හොල්මන් චිත්‍රපටි මෙන් නොව, මේ චිත්‍රපටිය බොහෝ සාධනීය ලක්ෂණ සහිත, බොහෝ දුරට සාර්ථක චිත්‍රපටියක් ලෙස හැඳින්වීම නිවැරදියි. එමෙන්ම මේ වන විට, මෙම චිත්‍රපටියට 6.0ක් වැනි හොඳ IMDB අගයක් ද ලැබී තිබෙන බව කිව යුතුයි.

කෙටියෙන්ම කීවොත් මෙම චිත්‍රපටිය, බැලුවාට පාඩු නැති, තෘප්තිමත් විය හැකි රසවින්දන මට්ටමක් සහිත, සාම්ප්‍රදායික බවින් බොහෝදුරට මිදුණු, 2014 වසරේ නිකුත් වූ නැවුම් තේමාවක් සහිත අගනා චිත්‍රපටියක් ලෙස හැඳින්විය හැකියි. මෙම චිත්‍රපටියේ රංගන දායකත්වය දක්වන නළු නිළියන් තම චරිත වලට සාධාරණයක් කොට ඇති බව පැවසීම අතිශයෝක්තියක් නොවේ. 

අපි දැන් චිත්‍රපටියේ කතාව දෙසට මඳක් හැරෙමු. මේ චිත්‍රපටියට මා යෙදු තේමාව දෙස බැලූ විගසම ඔබට මෙම චිත්‍රපටිය පිළිබඳව දල අදහසක් ගත හැකි යැයි මම සිතනවා. මන්ද යත් මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වන කන්ග් ඉන්-සූ, හොල්මන් දැකීමේ විශේෂ හැකියාවකින් යුක්තයි. ඔහු පමණක් නොව ඔහුගේ මාමටද මෙම හැකියාව පිහිටා තිබෙනවා. මේ නිසා ඔවුන්ට බොහෝ කරදර වලට මුහුණ පෑමට සිදු වෙනවා. කොහොමින් කොහොම හරි කන්ග් ඉන්-සූ, කුඩා කල යම්කිසි හේතුවක් නිසා හැර ගිය ගම් ප්‍රදේශයේ පාසලකට මාරු වී පැමිණෙනවා. මෙම පාසලේ මුහුණ වසා ගත් භයංකාර භූත ආත්මයක් සැරිසරන බව ඔහුට වැටහෙනවා. එමෙන්ම එම පාසෙලේ ම සුරූපී භූත තරුණියක් ද ඔහුට මුණ ගැසෙනවා. ඊට පස්සේ තමා හොඳම ටික පටන් ගන්නෙ. මේ මුහුණ වසා ගත් භයානක ආත්මය කවුද? ඒ ආත්මය මෙසේ පාසලේ සැරිසරන්නේ මන්ද? ඔහුට හමු වන සුරූපී භූත තරුණිය කවුද? මේ ඔක්කොටම පිළිතුරු, හොඳින් ගලා යන කතාවක් සහිත මේ චිත්‍රපටිය නරඹලාම සොයා ගන්න කියල මම ඔයාලට ආරාධනා කරනවා.

මතක ඇතුව comment එකක් දාල යන්න කියල ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. හැමදාම කියනව වගේ චිත්‍රපටිය නරඹල ඉවර වෙලාම comment එක දාන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.ඔබට ජය.


චිත්‍රපටිය සහ සිංහල උපසිරැසි මෙතැනින් ලබා ගන්න.

No comments:

Post a Comment