Sunday, June 25, 2017

ඇපල් සුවඳ සෙන්ට් එක (අන්තිම කොටස)


මම ගොඩක් රෑ වෙනකන්ම එයාට රිං කරා….. ඒත් ෆෝන් එක කැඩිල වෙන්න ඇති. මම හිතුව. කලින් දවසක් ඒ ගැන කතා වුන හැටි මට මතක් වුණා…..
මම මාමට කියල රටින් මුණ බලාගෙන කථා කරන්න පුලුවන් ෆෝන් දෙකක් ගෙන්න ගන්නව. එතකොට අපිට පාලු නැහැ….. එයා කිව්ව…….
– මාම අරං ඒවි ද දන්නෙ නැහැ…….
– මම කියන ඒව අරං එනව……
– අනිත් එක කාටද කියල ඇහුවොත්…..

– මම ඒ ලෙවල් ඉවර වුනාට පස්සෙ ගෙදරට කියනව….. එයා කිව්ව.
– මොකක්ද කියන්නෙ ගෙදරට….
– අපේ මේක…..
– අපේ මේක කිව්වෙ…
– යනවද මෝඩය යන්න….
– බෑ……….
සිකුරාද උදෙත් වුණා. සමනලයගෙ ෆෝන් එක තාමත් ඕෆ්…….
කමක් නැහැ. මම හෙට එයාව බලන්න යනවනෙ. මම හිතුව…….
– මම ඔයාව බැන්දට පස්සෙත් සමනලය කියනවට ඔයා කැමතිද?
– කමක් නැහැ හැබැයි ගෙදරදි විතරයි, හරිද……. එයා හරිම හුරතලේට කිව්ව…….
– මට ඔයා ගෙදරදි මෝඩය කියලද කියන්නෙ……
– ඔව් එහෙම තමා කියන්නෙ…….
– හා කමක් නැහැ……
සෙනසුරාද උදෙත් වුණා…… මම උදෙන්ම ලෑස්ති වෙලා එයාගෙ ක්ලාස් ඒක ලඟට ගියා. මේ සතිය ක්ලාස් කට් කරන සතිය. අපි සතියක් ඇර සතියක් ක්ලාස් කට් කරා………
එයා ආවෙ නැහැ…… එයාගෙ යාලුවත් නැහැ. මට මාරම අප්සට්. එයාට සනීප නැති වෙලාවත්ද? දහසක් ප්‍රශ්න මගේ හිතට ආව. එහෙනම් යාලුව ආවෙ නැත්තෙ මොකද……………. එයාලගෙ ගෙදර ලඟට ගිහිං බලන්න මම හිතා ගත්ත. මම දෙහිවල හන්දියට ගිහිං කලුතර බස් එකක නැග්ග…….
ගිය සතියෙ එයා මට කිරිටොෆි වගයක් ගෙනත් තිබුණ.
– මම පොඩි බඩුවක් ගෙනාව…… ටිකයි හලෝ ගෙන්න පුලුවන් වුනේ. එයා කිව්ව.
– ඒවත් ඇපල් සුවඳයිනෙ…… සාක්කුවෙද දාගෙන ආවෙ…………
– යනවද මෝඩය යන්න…..
මම එයාලගෙ ගෙදර තියෙන පාර ඉස්සරහින් බැස්ස.
මේ ටික විස්තර කරන්න මට මාරම අමාරුයි. ඒක නිසා කෙලින්ම කියන්නම්. ඒ පාරට යන තැනම දාල තිබුණ සුදු කොඩි දැක්ක ගමන් මගේ කකුල් පන නැතුව ගියා. ඒක ඊට වඩා විස්තර කරන එක මට මාරම දුකක්.
ඒක වෙලා තියෙන්නෙ බ්‍රහස්පතින්දා මොරටුවෙ පුපුරපු බෝම්බෙන්. සෙනසුරාද උදේ තමා funeral එක වැඩ කරල තියෙන්නෙ. අඩුම ගානෙ මට එයාව දැක ගන්න වත් බැරි වුණා. ඒ වෙලාවෙ මට ජිවිතේ එපා වුණා ඇත්තටම.
මාරම අසරණකමක් දැනුනෙ. මේක මම කාට කියන්නද. එයා ආයෙ කවදාවත් එන්නෙ නැහැනෙ. මේ මොකක්ද මට වුණේ. ඇත්තටම මට හිතා ගන්න වත් බැරි වුණා. මේක ඇත්තටම වුණා කියල මට තාමත් විශ්වාස නැහැ.
සමහරවිට එයාට ඒ දේ වෙනකොටත් අපි දෙන්න ගැන තමා හිත හිත ඉන්න ඇත්තෙ. සමනලයෙක් නැති කරල, ඒ බෝම්බෙ පුපුරවපු උන්ට මොනවද ලැබෙන්න ඇත්තෙ……. මොනව කරත් මට එයාව ආයෙත් ලැබෙන්නෙ නැහැ මේ ආත්මෙදි. ඒත් මට හොඳටම විශ්වාසයි අපිට මේ ආත්මෙ කරන්න බැරි වුන දේවල් කරන්න, මමත් එහෙට එනකං එයා බලාගෙන ඇති කියල. එතකොට අපි දෙන්නටම එකටම ඉපදිල ආයෙත් ඒ විදියටම ආදරේ කරන්න පුලුවන්. එයාගේ ඒ සුවඳ මට කවදාවත් ආයෙ දැනුනෙ නැහැ……….
ඊට අවුරුදු පහකට විතර පස්සෙ, ඒ කියන්නෙ 2014 දි විතර මම එයාලගෙ ගෙදර ගියා.ගිහිං ඔක්කොම විස්තර කිව්ව. එයාලගෙ ගෙදර කට්ටියටත් ගොඩක් දුකයි. සමනලයගේ කාමරෙත් බැලුව. ඒත් එයාගෙ ඇපල් සුවඳ සෙන්ට් එක සොයා ගන්න මට බැරි වුණා. තාමත් මම ඒ සුවඳට ආදරෙයි……..

No comments:

Post a Comment