Sunday, June 25, 2017

පරතරය

- මම අද ඔයාව ගෙදරට ඇරලවන්න එනව......
- ඒ මොකද පැටියො ඔයාට පිස්සු හැදීගෙන එනවද?
- ඔයා හැමදාම මාව ඇරලවන නිසා මම අද ඔයාව ඇරලවන්න එනව.......
- පිස්සුද මෝඩයෝ, පිරිමි ළමය ගිහිං ගෑනු ලමයව ගෙදරට ඇරලවල ආවට, ගෑනු ළමය ගිහිං පිරිමි ළමයෙක්ව ඇරලවල එන්නෙ මොන රටේද.............
-බැහැ මට එහෙම ඕන......
- පිස්සු නැතුව බහින්නකෝ ඉස්සරහින්. පුදුම ආසාවල් නෙ මේකිට එන්නෙ.......
- එහෙනම් මම හෙට ඔයාව ඇරලවන්නම්.......
- හා හෙට බලමු.............

මේ වගේ පිස්සු විකාර තමා එයා හැමදාම කියවන්නෙ. ඒකත් එක අතකට හොඳයි. නැත්නම් මාර කම්මැලියි ආදරේ කරන එක. මේ වගේ පිස්සියෙක් එක්ක ආදරේ කරනකොට නම් කාලෙ යනව දැනෙන්නෙ වත් නැහැ. මම හැමතිස්සෙම හිතන විදියට එහෙම නැත්නම් ආදරෙන් වැඩකුත් නැහැ. මේක තමා වචනේ පරිසාමප්ත අර්ථයෙන්ද මොකෙන්ද එකෙන් ආදරේ කියන්නෙ. මොකද ආදරේ කියන එක ප්‍රොෆෙෂනල් විදියට කරන්න බැහැ. මෙන්න මෙහෙම තමයි කියල කියන්න තරම් හැඩයකුත් නැහැ ආදරේට.

 -අද මොකද කරන්නේ බීච් යමුද?
- බැහැ හලෝ...... අද ඉක්මනට ගෙදර යන්න ඕන.......
- එහෙනම් ඊයා ඊයෙ කිව්වෙ මාව ඇරලවල යනව කියල අද ගෙදරට.......
- එහෙම තමා මෝඩයෝ, මම කියන හැම දේම පිලි ගන්න එපා......
- හා ඇත්තද රිඹි ගෙත්ත........
- කවුද රිඹි ගෙත්ත කියන්නෙ?
- අනිත් පැත්ත ගහලා බලනවකො.......
- මෝඩය මෝඩය මෝඩය................
- අදමොකද කලින් ගෙදර යන්න ඕන........
- අද මට අමාරුයි.....
- ඒ මොකද.............
- ඒව කොල්ලොන්ට තේරෙන්නෙ නැහැ........

No comments:

Post a Comment