Sunday, December 7, 2014
ලස්සන HTML වැඩ කෑල්ලක් ඉගෙන ගනිමුද?
Thursday, November 6, 2014
A Long Way Down (2014) | දිගු කතාවක් කෙටි කිරීමට ඔබට අයිතියක් නොමැත……
එක්තරා පුද්ගලයෙක් පාලමකින් පහළට පැන සියදිවි නසා ගන්න සිතුවාලු. ඔහු පාලමෙන් පහළට පැන්නාලු. ඔහු පාලම උඩ සිට ගඟට වැටෙන තත්පර කිහිපය තුළ ඔහුට සිතුණාලු, මට මගේ ජිවිතේ වෙනස් කරන්න බැරි එකම දේ, මම මේ දැන් පාලමෙන් පහළට පැන්න එක විතරයි කියලා. ඔහුට තව හිතෙන්න ඇති, මම මේ ගත්ත තීරණේ වැරදියි. මට මෙහෙම මැරෙන්නේ නැතුව, වැරදි හදාගෙන ජිවත් වෙන්න තිබුණා නේද කියලා……
Saturday, November 1, 2014
Wolf Children (2012) | වෘකයෙකු හා පෙමින් බැඳුනු තරුණියක්.
Wolf Children (2012) | වෘකයෙකු හා පෙමින් බැඳුනු තරුණියක්.

මම අද ඔයාලට අරන් ආවේ දෙනෙත පිනවන ගමන්ම, හදවතින් විඳින්න පුළුවන් ගොඩක් ලස්සන අමුතුම කතාවක් තියෙන ජපන් සලරුවක්. පොඩි දෙයක් කියන්න ඕන කියලා හිතුණා. ටිකක් හිතන්න, අපි කොහේ ගියත්, අපේ ගෙදර තරම් අපිට සුවදායි බවක් ගෙන දෙන තැනක් තවත් නැහැ නේද? එකනේ අපි කොහේ ගියත් ගෙදර යනකං ඇඟිලි ගැන ගැන ඉන්නේ.
Sunday, October 26, 2014
The Wind Rises (2013) | පෙම්වතිය අහිමි කල නව නිර්මාණය.
The Wind Rises (2013) | පෙම්වතිය අහිමි කල නව නිර්මාණය.
මම අද ආවේ අති විශිෂ්ට ගණයේ ජපන් සිනමා කෘතියක් අරගෙනයි. මාව මේ චිත්‍රපටිය ගැන දැනුමත් කරලා, මේ චිත්‍රපටියට උපසිරසි කරන්න මට භාර දුන්න වාසල සොහොයුරාට මුලින්ම මගේ ස්තූතිය පුද කරනවා. මේ චිත්‍රපටිය ගැන කියනවනම්, මෙය ඔස්කාර් සම්මානයට පවා යෝජනා වූ චිත්‍රපටියක්. එමෙන්ම මෙම චිත්‍රපටිය තවත් සම්මාන බොහෝමයක් දිනාගෙන තිබෙනවා.
Tuesday, October 7, 2014
The Garden Of Words (2013) |මේ ප්‍රථම වසන්තයයි
The Garden Of Words (2013) |මේ ප්‍රථම වසන්තයයි
ප්‍රේමයට වයස බලපානවාද? මම අද මුලින්ම මෙහෙම අහන්න හිතුවෙ මම අද අරන් ආව ජපන් සලරුවෙන් කියවෙන්නේ, අවුරුදු 15ක පිරිමි ළමයෙකු සහ අවුරුදු 27ක තරුණියක් අතර ඇති වන ප්‍රේමයක් ගැන නිසයි. ඇත්තටම මේ ජපන් සලරුව, මිනිත්තු 46ක් පුරාවටම ඔබව අමුතුම ලෝකෙකට රැගෙන යනවාට කිසිම සැකයක් නැහැ. මම මෙතෙක් නැරඹු, චිත්‍රපටි අතරින්, ඉතාමත්ම විශිෂ්ට ගණයේ සහ ඉතාමත්ම ප්‍රේමාන්විත චිත්‍රපටියක් ලෙස මෙය හැඳින්විය හැකියි.
Sunday, July 27, 2014
7/G Rainbow Colony (2004) | සොඳුරු මලක් මිලින විය…
7/G Rainbow Colony (2004) | සොඳුරු මලක් මිලින විය…
ඊයේ ඉපදී අද මිය යන්නට - පෙරුම් පුරාගෙන උපන් ලයේ
හීයේ වේගෙන් අහස උසට බැඳි - ආදර ලෝකය හෙටත් තියේ
ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නැත - ඇයි මේ ලොව මා තනිව ගියේ
ආයේ දවසක එක හිත් ඇත්තන් - වී අපි ඉපදෙමු එකට ප්‍රියේ
මම අද සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා ගායනා කරන ඉතාමත් ශෝකී ගීයකින් ලිපිය ආරම්භ කරේ ඇයි කියලා ඔයාලා බලනවා ඇතිනේ. මම අද අරන් ආව චිත්‍රපටිය මේ ගීතයට ඉතාමත්ම සම්බන්ධ චිත්‍රපටියක්. හද පාරවන සුළු, ප්‍රේමයේ අහිමිවීම මේ චිත්‍රපටිය තුළින් නිරුපණය කරනවා.
Subscribe to:
Posts (Atom)