මම මේ ගැන ඇත්තටම බයිස්කෝප් එකෙන් සබ් ගන්න ඔයාලට සම්පුර්ණයෙන්ම චෝදනා කරනවා. තව බයිස්කෝප් එකේ සබ් දාන කට්ටියට ත් චෝදනා කරනව. මොකද ඔයාල අපි ඉන්න චිත්‍රපටි බලනව විතරයි. කවදාවත් හිතුවද, අපිත් ඔයාල වගේම මිනිස්සු කියල. අපේ ජායාව කන්නාඩියෙන් පේන්නේ වත් නැතුව, අපි කොන්ඩෙ එහෙම පිරන්නේ කොහොමද කියල ඔයාල කවදාවත් හිතුවද?
ඉර එලිය තියෙන වෙලාවට අපි ඉන්නේ කොහේද කියල, ඔයාල ටිකක් වත් හිතල බැලුවද? නැහැ නේද? මට කියන්න අමතක වුණා, මම වැම්පයර් කෙනෙක්. නම වියාගෝ. වයස අවුරුදු 379යි. මමයි, අපේ සෙට් එකයි ඒ කියන්නෙ මමයි, පෙට්යර්යුයි, ඩෙකෝනුයි, විල්දෙස්ලෙවූයි තව නිකුයි එකතු වෙලා පොඩි වීඩියෝ ක්ලිප් එකක් හැදුව.
ඒ වීඩියෝ ක්ලිප් එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් අපි සෙට් එක කරන පිස්සු වැඩ, අපි ජිවත් වෙන්නේ කොහොමද, අපි දවස ගත කරන්නේ කොහොමද වගේ ගොඩක් දේවල්. මේ අපි හදපු වීඩියෝ ක්ලිප් එකට IMDB ද මොකක්ද එකේ 7.7ක් ලැබිල තියෙනවලු. සමහරු කියනව එයාල බලපු හොඳම ෆිල්ම් එකක්ලු මේක. අනේ ඒ කොහොම වුනත් මේ අපේ ඇත්ත ජිවන කතාව. ඔයාල මේක බලල හිනා වේවි, සමහරවිට ඇසට කඳුළු බින්දුවක් ඒවි......ඒත් එකක් මතක තියා ගන්න, මේ අපේ සැබෑ ජිවිතේ. ඒ වගේම මේක බලල, ඔයාලට අපේ සෙට් එකත් එක්ක සෙට් වෙන්න ඕන කියල හිතුනොත් මට කියන්න. මම ඔයාලගේ ලේ බීල, වැම්පයර් කෙනෙක් කර ගන්නම්.
හා තව දෙයක් කියන්න අමතක වුණා, මම මේ ක්ලිප් එක අපේ ඉෂාරයට එවුවේ සබ් කරල, අපේ බයිස්කෝප් සයිට් එකේ දාන්න කියල. එයා කිව්ව එහෙම අපිට ඕන විදියට සබ් දාන්න බැහැ වෙන් කර ගන්න ඕන කියල. එයා කොහොම හරි මේක වෙන් කරගෙන.මේක සබ් කරන්න එයාට බාර දුන්න හසන්ත අයියට ස්තූතියි කියන්න කියලත් එයා කිව්ව. තව බලල ඉවර වෙලාම අදහසක් දක්වන්න පුළුවන් නම් ගොඩක් හොඳයි කියලත් කිව්ව
චිත්‍රපටිය සහ සිංහල උපසිරැසි බයිස්කෝප් සිංහලෙන් අඩවියෙන් ලබා ගන්න මෙතනින් යන්න.
සිංහල උපසිරැසි කෙලින්ම මෙතනින් ලබා ගන්න.
No comments:
Post a Comment