Sunday, July 27, 2014

7/G Rainbow Colony (2004) | සොඳුරු මලක් මිලින විය…



7/G Rainbow Colony (2004) | සොඳුරු මලක් මිලින විය…




ඊයේ ඉපදී අද මිය යන්නට - පෙරුම් පුරාගෙන උපන් ලයේ
හීයේ වේගෙන් අහස උසට බැඳි - ආදර ලෝකය හෙටත් තියේ
ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නැත - ඇයි මේ ලොව මා තනිව ගියේ
ආයේ දවසක එක හිත් ඇත්තන් - වී අපි ඉපදෙමු එකට ප්‍රියේ


මම අද සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා ගායනා කරන ඉතාමත් ශෝකී ගීයකින් ලිපිය ආරම්භ කරේ ඇයි කියලා ඔයාලා බලනවා ඇතිනේ. මම අද අරන් ආව චිත්‍රපටිය මේ ගීතයට ඉතාමත්ම සම්බන්ධ චිත්‍රපටියක්. හද පාරවන සුළු, ප්‍රේමයේ අහිමිවීම මේ චිත්‍රපටිය තුළින් නිරුපණය කරනවා.
හදවතට දැනෙන, හදවතින්ම විඳින්න පුළුවන්, අතිශය ලයාන්විත සංගීතයකින් මෙම චිත්‍රපටිය හැඩ ගැන්වී තිබෙනවා. ඒ මියුරු සංගීතයට උදාහරණයක් ලෙස අතිශය ජනප්‍රිය වූ Kan Pesum Varthaigal ගීතය දැක්විය හැකියි. චිත්‍රපටිය ගැන ටිකක් කිව්වොත්, සම්මාන විශාල ගණනක් හිමි කරගෙන ඇති, එමෙන්ම බොක්ස් ඔෆිස් වාර්ථා තැබූ, ඉන්දියාවේ අතිශයින්ම ජනප්‍රිය වූ චිත්‍රපටියක් තමා මෙය. මේ චිත්‍රපටියේ රවී ක්‍රිෂ්ණා සහ සෝනියා අග්‍රවාල් අතිශයින්ම තාත්වික මෙන්ම දක්ෂ රංගනයක නිරත වනු දැකිය හැකියි. සමහරවිට ඔබ රවී ක්‍රිෂ්ණා ගැන එතරම් නොදන්නවා විය හැකියි. එතරම් විශාල චිත්‍රපටි ගණනක රඟ පා නොමැති මුත්, ඉතාමත්ම දක්ෂ නළුවෙකු ලෙස රවී ක්‍රිෂ්ණා හැඳින්වීම නිවැරදියි.

මට තව පොඩි දෙයක් කියන්න හිතුණා. ඔබ නැරඹීමට චිත්‍රපටියක් තෝරා ගැනීමේදී, එය අලුත් චිත්‍රපටියක් නම් පමණක් එය නරඹනවාද? එසේ නොවී, තරමක් පරණ චිත්‍රපටියක් වුවත්, එය උසස් රසවින්දන මට්ටමකින් හෙබි, ජිවිතයට යමක් ගත හැකි චිත්‍රපටියක් නම්, එවැනි චිත්‍රපටි මඟ නොහැර ගත යුතු බව මගේ හැඟීමයි. දැන් මේ චිත්‍රපටියේ කථාව දෙසට මඳක් හැරෙමු. කාතීර් කියන්නේ තට්ටු නිවාස සංකීර්ණයක ජිවත් වන තාරුණ්‍යට, අනන්‍ය වූ දඟකාරකමෙන් ඔබ්බට ගිය, විසේකාරකමකින් යුතු තරුණයෙක්.ඉගැනීමට මඳක් වත් සිත යොමු නොකරන ඔහු, යහළුවන් සමඟ රස්තියාදුවේ යමින්, මතට ඇබ්බැහි වෙමින්, තාරුණ්‍යයට හිමි නිදහසින් අනිසි ප්‍රයෝජන ගනිමින් ජීවිතය ගත කරන තරුණයෙක්. මේසේ සිටිනා විටදී, ඔවුන් සිටිනා, නිවාසයට අල්ලපු නිවාසයට, අලුත් පවුලක් පදිංචියට පැමිණෙයි. එම පවුලේ සිටිනා අනීතා කෙරෙහි ආලයෙන් වෙලෙන කාතීර් හට අනිතාගේ ප්‍රේමය ලබා ගැනීමට හැකි වේද? මේ ප්‍රේමය නිසා ඔහුගේ විසේකාර ජීවිතයට විරාමයක් තැබීමට හැකිවේද? මේ කතාවේ අවසානය කෙබඳු වේද? මේ ප්‍රශ්න වලට පිළිතුරු සොයා ගැනීමට නම් මේ විශිෂ්ඨ ගණයේ චිත්‍රපටිය නරඹන මෙන් ඔබගෙන් ඉල්ලා සිටිනවා.

යන්න කලින් තව දෙයක් කියන්නම්. ඉවසීම ප්‍රගුණ කර ගැනීම, ජීවිතයට අත්‍යාවශ්‍යම දෙයක්. ඕනෑම දෙයක් අපට ජය ගත හැක්කේ ඉවසීමෙන් පමණයි. කෝප ගැනීම, ක්ෂණික කෝපය කිසි දිනෙක අප හට පරාජයක් මිස ජයක් අත් කර නොදෙන බව මතක තබා ගත යුතුම කරුණකි. මේ ටික කිව්වේ මෙය චිත්‍රපටියට සම්බන්ධ නිසයි. මේ දේත් සිතේ තබා ගෙන, චිත්‍රපටිය නරඹලා, ඔබේ අදහස් කියලා කොමෙන්ට් එකකුත් දාලා යන්න කියලා ඉල්ලා සිටිනවා. ඔබට ජය.
Watch Trailer
චිත්‍රපටිය සහ සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න.

No comments:

Post a Comment